Wednesday, February 18, 2026
Follow Us
එජාප මන්ත්‍රිවරු 40ක් රංජිත්ගේ නිවසට – සජිතුත් එයි

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් ලබන සතිය තුළ විසදුමක් ලැබෙනු ඇතැයි හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පාර්ශ්වය පවසයි.

එම පාර්ශ්වයේ මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් ඊයේ (02) රාති‍්‍රයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාරගේ නිවසේ පවත්වා ඇත.

එම සාකච්ඡාව සඳහා හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසද එක්වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් ඊයේ ප‍්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන බ‍්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවය.

(Lanka Leads)