Wednesday, February 18, 2026
Follow Us
තීරණාත්මක සාකච්ඡාවක් සඳහා රනිල් එජාප මන්ත්‍රී කණ්ඩායම කැඳවයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා සිය මන්ත්‍රී කණ්ඩායම අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.

විපක්ෂ නායක ධුරය සහ එජාප නායක ධුරය සම්බන්ධයෙන් අර්බුදය තවමත් නොවිසඳුණු පසුබිමක් තුළ මෙම සාකච්ඡාව අතිශයින්ම තීරණාත්මක වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

තමන් දේශපාලනයෙන් සමුගැනීමට අදහස් කරගෙන සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර දෙවතාවකදී ප්‍රකාශ කර තිබිණි.

(LNW)