Wednesday, February 18, 2026
Follow Us
ටීබීට හා ඩිලාන්ටත් රාජ්‍ය ඇමැති තනතුරු?

තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුට රාජ්‍ය ඇමැති ධුර ලබා දීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාට හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. ඒකනායක යන අයට මෙසේ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දීමට යෝජනා වී ඇත.

දැනට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කැබිනට් ඇමැති ධුර 15 කුත්, රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනකුත් ලෙස පත්කර තිබේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 46(1) වගන්තියේ දැක්වෙන්නේ අමාත්‍යවරුන් 30 ක් හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 40 ක් පත් කළ හැකි බවයි.

(Lanka Leads)