Friday, July 11, 2025
Follow Us
ඇමතිධුර ගැන නිදහස් පක්ෂය අසතුටින්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන අතර ගිවිසුම අත්සන් කළ ආකාරයට කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ඇමති ධුර නොලෙැබුන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉල්ලීමක් කර ඇති බව‍ට වාර්තා වන අතර පක්ෂ දෙක අතර අත්සන් කළ ගිවිසුම අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් ඇමතිධුර 4ක් ලබා දීමට නියමිතව තිබූ බවද එම පක්ෂය සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලයට ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු පමණක් බව ඔවුන් චෝදනා කරන අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාකච්ඡා කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

(Lanka Leads)