Wednesday, February 18, 2026
Follow Us
කොළඹ පුරපතිනිය ඉවත්කිරීමට තීරණයක්!

කොළඹ මහ සභාවේ නගාරාධිපති රෝසි සේනානායක මහත්මිය එම ධූරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන ඇත. ඇයට එරෙහිව දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් තිබීම ඊට හේතුව වී තිබේ.

සේනානායක මහත්මියට එරෙහිව සෙසු මන්ත්‍රීවරුන්ගෙන් ලිපිගොනු සහ චෝදනා පත්‍ර ඉදිරිපත් වීමද වැඩි වී ඇති බව සඳහන්.

විශේෂයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේත් ඇයට එරෙහිව චෝදනා ගොනු වී තිබෙන අතර ඇගේ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් දිනෙන් දින මහ නගර සභාවේ පරිපාලනය පිරිහෙමින් පවතින බවට සෙසු නිලධාරීන්ගෙන් හා සේවකයන්ගෙන් චෝදනා එල්ල වෙමින් ඇත.

නගර සභාවේ සෙසු සියල්ලන්ම පාහේ ඇගේ ක්‍රියා කලාපය ප්‍රතික්ෂේප කර තිබීම ද සුවිශේෂී තත්ත්වයකි.

කෙසේවෙතත් ඇය ඉවත් කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයෙන් මතුවන විරෝධය වැලැක්වීම සඳහා හිස්වන ධූරයට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙකුටම අවස්ථාව ලබා දීමට ද රජය තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

(LNW)