බැසිල් රාජපක්ෂ මහතාට විදෙස් ගතවීම සඳහා අධිකරණය අවසර දී තිබේ.
2015 ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනු හතර ලක්ෂයක මුදලක් වැයකර එවකට ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව අද (28) කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේ මෙම අවසරය ලබා දී ඇත.
එවකට ඔහු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබුණේ සිය සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා එළඹෙන දෙසැම්බර් 05 වනදා සිට ලබන වසරේ මාර්තු 6 වන දා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට අවශ්‍ය බවයි.
එහෙයින් සිය සේවාදායකයාට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම එම කාල සීමාවට ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීමට රජයේ නීතිඥයාගෙන් විරෝධයක් එල්ල නොවීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අදාළ කාල සීමාව තුළ විදෙස් ගතවීම සඳහා අවසර දී තිබේ.
(LNW)