Wednesday, February 18, 2026
Follow Us
විපක්‍ෂ නායක ගැටුම විසදන්න පාඨලීගෙන් අලුත් යෝජනාවක්

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබාදිය යුත්තේ කාටදැයි දේශපාලන වේදිකාවේ තවදුරටත් තර්ක කෙරෙමින් තිබෙනවා.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ බහුතරයේ කැමැත්ත සළකා විපක්‍ෂ නායක ධුරය ලබාදීම වඩාත් සුදුසු බවයි.

නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකදී ඔහු මෙම යෝජනාව කළා.

එහිදී "මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නිගමනයකට එළඹිය යුතුයි. ආණ්ඩු පක්ෂය හැටියට ක්‍රියා කරපු 106 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ 106 දෙනාගෙන් බහුතරයේ කැමැත්ත සහිත පුද්ගලයා.. මම හිතන්නේ පත්කර ගත යුතුයි විපක්ෂ නායක හැටියට. ඒක තමයි අපේ ස්ථාවරය." යනුවෙන් සඳහන් කළා.

(Neth)