Wednesday, February 18, 2026
Follow Us
අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට ජී.එල්

ප්‍රධාන පෙළේ විද්වතකු වන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන් පත්කරනු ලබ ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(27) පැවති ප්‍රථම කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සඳහා අනුමැතිය දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍ය ධූර රැසක් හොබවා ඇති මහාචාර්ය පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ද වෙයි.

(Lanka Leads)