Wednesday, February 18, 2026
Follow Us
“එජාපය නව ආණ්ඩුව පෙරළීමේ අවදානම තියෙනවා” – ගම්මන්පිල

රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ප‍්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදීම වත්මන් ආණ්ඩුව යටතේ සිදුකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පවසයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රමුඛ වගකීම බව ද ඔහු අවධාරණය කර සිටියි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසන්නේ බහුතරයක් සිටින විපක්ෂයෙන් එල්ල වන අභියෝගවලට මුහුණදීමට ද ආණ්ඩුව සූදානම් බවයි.

එහිදී “මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය සහයෝගය දෙන්නේ නෑ. ඒ නිසා අපිට සිදුවුණා සුළුතර ආණ්ඩුවක් හදන්න. මේක සුළුතර ආණ්ඩුවක් බව රටම දන්නවා. එක්සත් ජාතික පක්ෂයට ඕන වෙලාවක පෙරළන්න පුළුවන්. පෙරළීමේ අවදානම තියෙනවා. ඔවුන් කුමක් කරාවිද?… අපිට කියන්න බෑ. අපි ඒ අවදානම ගනිමින් තමයි මේ ආණ්ඩුව පිහිටුවේ… අවම වශයෙන් ජනතාවට සහනයක් සළසන්න. ” යනුවෙන් සඳහන් කළා.

neth news