Wednesday, February 18, 2026
Follow Us
විපක්ෂනායක ධූරය රනිල්ට

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධූරය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩිම පිරිසක් නියෝජනය කරන පක්ෂයට විපක්ෂ නායක ධූරය හිමි වන අතර එහි මහලේකම් වරයා නිල වශයෙන් සිදුකරන ලිඛිත ඉල්ලීම කෙරෙහි කථානායකවරයාගේ වැඩි අවධානය යොමුවනු ඇතැයි ද පැවසේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අදාළ ලිපිය යවා ඇත්තේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් හෝ වෙනත් බහුතර එකඟතාවකින් නොවන බැවින් එහි නීතිමය අනුකූලතාවය සොයාබැලීමට සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් පාර්ශ්ව ක්‍රියා ක්‍රියාකරමින් සිටිනද බව වාර්තා වෙයි.

(Lanka Leads)