Wednesday, February 18, 2026
Follow Us
නව කථානායක වාසු

පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් වාසුදේව නානායක්කාර මහතා කථානායක ධුරයට පත් කිරීමට සුදුසු යැයි යෝජනා කර තිබේ.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාවද නියෝජනය කරයි.

(Lanka Leads)