Wednesday, February 18, 2026
Follow Us
මහින්දානන්ද, ජොන්ස්ටන්, රෝහිත කැබිනෙට්ටුවෙන් හැලෙයි

හෙට දිනයේ පත් කිරීමට නියමිත නව භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළම ක්‍රියාකාරිකයින් පිරිසක් වන මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එම මන්ත්‍රීවරුන්ට එරෙහිව බරපතළ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති හෙයින් සහ දැනටත් ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු ක්‍රියාත්මක වන හෙයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ව කැබිනට් මණ්ඩලයට නම් කිරීමට විරෝධය පළ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරයි.

lankanewsweb