Wednesday, February 18, 2026
Follow Us
ගෝඨාභයජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

ජනාධිපති මන්දිරයේ පදිංචියට නොයා මිරිහානේ පිහිටි තම පෞද්ගලික නිවසේ දිගටම පදිංචිව සිටීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික නිල අවශ්‍යතා සඳහා පමණක් ජනපති මන්දිරය භාවිත කිරීමටත් නිල නිවසක් නොගැනීමටත් ජනපතිවරයාගේ තීරණය වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මන්දිරය වෙනුවට මහගමසේකර මාවතේ නිල නිවසක් භාවිත කළ අතර ධුරයෙන් ඉවත්ව යන මොහොතේ එම නිවස කැබිනට් පත්‍රිකාවකින් ඔහුගේ පෞද්ගලික භාවිතයට ලබා ගැනීමට අනුමැතිය ගත්තේය.

(lanka leads)