Wednesday, February 18, 2026
Follow Us
"සිරිකොත සජිත්ට උදව් කළා" - නලින් බණ්ඩාරගේ චෝදනාවලට එජාප මහලේකම්ගෙන් පිළිතුරු ලිපියක්.!

ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාසට සැබෑ ලෙස සහාය ලබානොදුන් බවට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර එක්සත් ජාතික පක්‍ෂයට ඊයේ කළ චෝදනා එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද ප‍්‍රතික්‍ෂේප කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ සජිත් පේ‍්‍රමදාසගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙය වනු ලැබුවේ වොක්ෂෝල් වීදියේ කාර්යාලය විසින් බවයි.

එහි මෙහෙයුම් ප‍්‍රධානී ලෙස හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක නම් කර සිටි බවද ඔවුන් ඉල්ලා සිටි සියළු කටයුතු සිරිකොත විසින් මැනවින් ඉටුකළ බවද එම නිවේදනයේ දැක්වෙනවා.

(Neth)