Wednesday, February 18, 2026
Follow Us
චන්ද්‍රිකා-වෙල්ගම-ඩිලාන්-ෆවුසි- සොයිසා පක්ෂයෙන් නෙරපයි

ජනාධිපතිවරණයේදී පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පෙරේදා (18 වැනිදා) තීරණය කළේය.

මෙම තීරණයට අනුව ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය නොදුන් කුමාර වෙල්ගම, විජිත් විජයමුණි සොයිසා සහ ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනේ.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා සිටින එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන්ටද මෙම විනය ක්‍රියාමාර්ග අදාළ වන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඊයේ පැවසීය.

එමෙන්ම ජනාධිපතිවරණයේදී වෙනත් අපේක්ෂකයන්ට සහය දුන් ප්‍රාදේශීය සභා සහ හිටපු පළාත් සභා සභිකයන් සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

(Lanka Leads)