Wednesday, February 18, 2026
Follow Us
විශ්‍රාම වැටුප අහිමි වන නිසා එජාපයේ නවක මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ වේ

වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නියමිත කාලය අවසන් වීමට පෙර එලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් තමන්ට හිමි වීමට නියමිත මන්ත්‍රී විශ්‍රාම වැටුප ද අහිමි වන බවයි.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන විශ්‍රාම වැටුප ලබා දෙන කාල සීමාව වසර 04 ක් වන පරිදි නීති සම්පාදනය කරන ලෙසයි ඔවුන් අදාළ පාර්ශ්වවලින් ඉල්ලා ඇත්තේ.

තම ඉල්ලීම පිළිබඳව අවධානය යොමු නොකළහොත් නව රජයක් පිහිටුවීම සදහා සිය සහය ලබා නොදෙන බවද එක්සත් ජාතික පක්‍ෂයේ නවක මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

(Neth)