අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවීම හේතුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දක්වන පාර්ශ්වය දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් වනවා.
එම පාර්ශ්වය වෙනත් පක්ෂයක් නිර්මාණය කිරීමට සූදානම්ව සිටින බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ලබානොදීම සම්බන්ධයෙන් එම පාර්ශ්වය මෙවැනි තීන්දුවක් ගැනීමට හේතුවී තිබෙනවා.
මේ වනවිට අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දැක්වූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය ධූරවලින් ඉල්ලා අස්වීමට ද ඉකුත්දා තීරණය කළා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි ඊයේ (18) ප්‍රකාශ කළේ.
කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රුවන් විජේවර්ධන, මලික් සමරවික්‍රම සහ අජිත් පී පෙරේරා යන අමාත්‍යවරුන් මේ වනවිට සිය ධූරවලින් ඉල්ලා අස් වී තිබෙනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද ජනාධිපතිවරණයෙන් ලද පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස් වුණා.
එම පාර්ශ්වය ඉදිරි දේශපාලන තත්වය සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රැස් වුණා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
කෙසේවෙතත් මෙම සාකච්ඡාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගි වූයේ නැහැ.
ඊයේ පැවති මෙම සාකච්ඡාව පිළිබද අදහස් දක්වමින් අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල නෙත් නිවුස් වෙත කියාසිටියේ ජනමතයට ගරු කරමින් ආණ්ඩුව භාරදීමට සිය පක්‍ෂය සූදානම් බවයි.
එහෙත් මහ මැතිවරණය ලබන පෙබරවාරි මාසයෙන් පසුව පැවැත්විය යුතු බවට මෙහිදී එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකඟතාවකට පැමිණි බවයි ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)