සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ සිංහල බෞද්ධ ජන්ද පදනම අහිමි වන ආකාරයේ බරපතල ප්‍රකාශ මැතිවරණ සමයේ සිදුකළ මංගල සමරවීර බවත් ඔහු සිදු කළ එම ප්‍රකාශ නිවැරදි කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටකත් කටයුතු නොකිරීම පිළිබදව තමන් විමතියට පත් වු බවත් ඔවුන් පවසයි.
පක්‍ෂයක් වශයෙන් හෝ පුද්ගලිකව රනිල් වික්‍රමසිංහ සජිත්ගේ කකුලෙන් අදින වැඩ ජනාධිපතිවරණ සමයේ සිදු නොකළ බවද මහසඟරුවනට අපහාස කරන මංගල සමරවීර වැනි පුද්ගලයින් තමන්ගේ අගසව්වන් කර ගෙන සිටීම නිසා දකුණේ සිහල බෞද්ධ ජන්ද සජිත්ට නොලැබුණු බවද ඔවුන් සඳහන් කරයි.
මංගල සමරවීර මහතා කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නට ඇතැයි සිතන බවද ඔවුන් කියාසිටියි.
සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා බලකළ මංගල - මලික් ඇතුළු පිරිස දැන් බොරුවට ලකුණු දමා ගැනීම සදහා ඉල්ලා අස් වී ඇති බවද ඉල්ලා අස්වනවා නම් කණ්ඩායමක් වශයෙන් සියලු දෙනා එකට ඉල්ලා අස් වීමට තිබූ බවද ඔවුන් පවසයි.
"සජිත් රනිල්ගෙන් ඉල්ලුවේ උතුරු නැගෙනහිර ජන්ද අරන් දෙන්න කියලා විතරයි. එයා රටේ අනෙත් පැති බලා ගන්නම් කීවා. දැන් බලපුවාම ගම් මට්ටම,බිමි මට්ටම මොනවත් එයාට තිබිලා නැහැ. සිරිකොතේ ඉදලා ජන්දෙ කරන්න කියල අපි කිව්වා. නමුත් ඇහුවේ නැහැ. එයාට ඕනෑ අය දාගෙන වොක්ෂොල් වීදියේ වැඩ කරන්න ගිහින් තමයි මේ අවුල සිදු වුණේ. තව දෙයක් අපේ වගේ නෙවෙයි එදා මහින්ද ඉල්ලන වෙලාවේ චන්ද්‍රිකා සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. නමුත් මහින්ද ජන්දෙන් දිනුවා. දැන් පැරදුණාට පස්සේ අනික් අයට ඇගිල්ල දිගු කරලා වැඩක් නැහැ. අපිත් හිතුවේ එයා ගම් මට්ටමේ ජනප්‍රියයි කියලා. දැන් බලපුවාම එයාට ගම් මට්ටම නැහැ යනුවෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.
(LNW)