දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය ඔවුන්ගේ කැමැත්ත මතට හැරවීමට උත්සහ කළත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සහය අවශ්‍ය නොමැති බව උතුරු නැගෙනහිර පළාත් සභාවේ හිටපු පලමු ප‍්‍රධාන අමාත්‍ය ව්රධරාජා පෙරුමාල් මහතා 10 දා මුලතිව් හිදී පැවසීය.
ජනාධිපතිවරණය සඳහා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය සඳහා පැවති රැුස්වීමකදී ජනතාව ඇමතූ ව්රදරාජා පෙරුමාල් මහතා කියා සිටියේ මේ දිනවල උතුරේ පොදුජන පෙරමුණේ රැස්වීම් වලට සහභාගී වී සිටින අති විශාල දෙමළ ජනතාවගේ ප‍්‍රමාණය දකින විට මේ දෙමළ වැසියෝ එදා මෙන් යළි දෙමළ ජාතික සන්ධානයේ වචන වලට නොරැවටෙන බවද කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන වුවමනාවන්ට එදා දෙමළ ජනතාව රැවටුණේ ඔවුන් වසර ගණනාවක්ම යුද්ධයකට කොටු වී සිට ලෝකය පිළිබඳව නිසි වැටහීමක් නොතිබුණු නිසා බව කී ඒමහතා මේ වන විට ඔවුන් යථාර්තය තේරුම් ගෙන සිටින නිසා දැන් ඔවුන් කැමති අපේක්ෂකයාට ඡුන්දය ප‍්‍රකාශ කරන බවද සඳහන් කළේය.
දෙමළ ජනතාවත් දෙමළ දේශපාලන පක්ෂත් භේද බින්න කළේ දෙමළ ජාතික සන්ධානය බව කී වරදරාජා පෙරුමාල් මහතා ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතා උත්සහ කරන බවද කියා සිටියේය.
(Lanka Leads)