Wednesday, July 09, 2025
Follow Us
මේ සතියේ දේශපාලන පෙරැළියක් ? එජාපයේ 10ක් පොහොට්ටුවට ?

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 10 දෙනකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතක් සමග ප්‍රකාශ කර තිබේ.

එම සියලු දෙනා තමන් සමඟ සාකච්ඡාවට පැමිණියේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව යැයි ද එහි දැක්වේ.

පසුගිය සතියේ මේ සම්බන්ධව සාකච්ඡා වට තුනක් පැවති බවත් අවසන් සතියේ දේශපාලන වේදිකාවේ පෙරැළි සිදුවන්නට ඉඩ ඇති බවත් හිටපු ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාවලට පැමිණි එ.ජා.ප. මැති ඇමැතින් අදාළ සාකච්ඡා වලදි තමාට පැවසුවේ සිය පක්ෂයේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උතුරට හා දකුණට ස්ථාවර දෙකක් ප්‍රකාශ කිරීම සහ බොහෝ පක්ෂ තීන්දුවලදී දෙතුන් දෙනෙක් තනිව ක්‍රියා කරන්නට යාම ගැන ඔවුන් කලකිරී සිටින බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

(Lanka Leads)