Wednesday, July 09, 2025
Follow Us
Exclusive : එජාපයේ මඬ ප්‍රහාර පුස්සක් වෙයි…තමන් ඇමරිකන් පුරවැසියෙක් නොවන බවට ගෝඨාභය සහතික පෙන්වයි

තමාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සියලූ කටයුතු නීත්‍යානුකූලව විසඳාගෙන තිබෙන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (11) රාත්‍රී දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර සිටියේය.

ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත්කරගෙන ඇති බවට සනාත වන සියලු ලිපි ලේඛන මාධ්‍යයට නිරාවරණය කළ ගෝඨාභය මහතා දැඩිව අවධාරණය කර සිටියේ අසත්‍ය මඩ ප්‍රචාර කරන පුද්ගලයන්ගේ දැනගැනීමට නොව මහජනතාවගේ දැනුවත්වීම සදහා මෙම ලිපි ලේඛන ඉදිරිපත් කරන බවය.

ජනාධිපතිවරණයට ඉතා ආසන්න ඉදිරි දින කිහිපය තුළ පරාජය ඉදිරියේ වියරු වැටුණු පිරිස් අභූත මඩ ප‍්‍රහාර, ප‍්‍රචාරයන් සිදු කිරීම සඳහා විවිධ කුමන්ත‍්‍රණකාරී වැඩසටහන් සැලසුම් කර ඇති බව අණාවරණය වී ඇති බැවින් ඊට නොරැවටෙන්නැයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටියේය.

(Lanka Leads)