Wednesday, February 18, 2026
Follow Us
එජාපට ඡන්දය නොදෙන්නැයි අනුරගෙන් ඉල්ලීමක්

රාජපක්ෂවරුන් පරාජය කිරීමේ අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය නොදෙන්නැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ පැවති ජන රැලියක් අමතමින්ය.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැලිය ඊයේ පැවැත්වු‍ණේ ගම්පහ බස් නැවතුම්පොළේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

“අවුරුදු 5 කට ආසන්න කාලය තුළ. ආර්ථිකය ගොඩනැගීමට වඩා විනාශ කිරීමේ දිශාවට. එ.ජා.ප.ය හපන්කම් දක්වනවා. එ.ජා.ප.යට මොකටද ඡන්දේ දෙන්නේ ?

අපේ ගමේ පුරවැසියා පොලීසියේ අණට යටත්. දේශපාලකයාගේ අණට පොලීසිය යටත්. නීතියට උඩින් දේශපාලකයා ඉන්නවා දේශපාලනයේ වරප්‍රසාද නතරකළ යුතුයි . මෙය වරප්‍රසාද ලත් වෘත්තියක් නෙවෙයි.“

(Lanka Leads)