ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අද පැවැත්වෙන ආගමික වැඩසටහනක් සඳහා ද එකට සහභාගී වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
2019 ජනාධිපතිවරණ සටන මේ වනවිට අතිශයින් තියුණු එකක් වී ඇති අතර කරට කර පවතින තත්වය වෙනස් කිරීමේ වැඩිම හැකියාව ඇති පුද්ගලයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
එහෙයින්ම ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමට දිනකට පෙර මෙසේ සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපතිවරයා හමුවීමට තීරණය කිරීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පාර්ශ්ව දෙකම දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
(LNW)