Wednesday, February 18, 2026
Follow Us
ගෝඨාභය සියයට 54කින් පැහැදිලි ජයග්‍රහණයක් ලබනවා – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 54කින් පැහැදිලි ජයග්‍රහණයක් ලබන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ අනුරාධපුරයේ අද පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ විරුද්ධ පාක්ෂිකයින් මේ වන විට විවිධ මඩ පචාරයන් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

වත්මන් රජයට ගතවූ වසර 5ක කාලය තුළ සියලුම චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු දැමීමට හැකියාව තිබූ බවත්, මේ වන විට සිදුව ඇත්තේ පරාජයේ බිය හේතුවෙන් විවිධ මඩ ප්‍රචාරය කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

(Aruna)