Wednesday, July 09, 2025
Follow Us
ගම නගන හැටි, ගොවීන් රකින හැටි ගෝඨාභය පැහැදිලි කරයි

සිය පාලනයක් යටතේ ග්‍රාමීය සංවර්ධනයටද ප්‍රමුඛතාවක් ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අනුරාධපුර, ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ ඊයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදීයි.

 

රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරිම සදහා ගොවීන් ශක්තිමත් කරන බවද ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මෙහිදි කියාසිටියා.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබාගන්නා බව රජයේ සමීක්‍ෂණවලින්ද දැන් තහවුරු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

- NethNews -