Wednesday, February 18, 2026
Follow Us
රටේ ප්‍රශ්න වලට විසදුම් ඇති තැන මන්ත්‍රි අනුර පෙන්වා දෙයි

රටේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ඇත්තේ ජාතික ජන බලවේගය සතුව බව එහි ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

මම දැක්කා මැතිවරණ වේදිකාව උසුළු විසුළු කරන තැනක් බවට පත් කරගෙන තියෙනවා. රට මුහුණ දී තිබෙන අභියෝග ගැන කියලා දෙන ඒ වගේම ඒ සඳහා විසඳුම් ඇති වේදිකාවක් දැන් ජනතාව ඉදිරියට ගෙනත් තියෙනවා. ඒ තමයි ජාතික ජනබල වේගය. මේ රටේ ජනතාවට දැන් තීරණය කරන්න පුළුවන් කාටද රට භාර දෙන්න ඕන කියලා, අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

ජාතික ජන බලවේගය ගම්පහ නගරයේ ඊයේ පැවැත්වූ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදීයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ.

(Neth)