Wednesday, February 18, 2026
Follow Us
සහාය දෙන කෙනා අපිට වාසිදායක විය යුතුයි – සම්බන්ධන්

තමන් සහාය පළ කරන අපේක්ෂකයා තමන්ට වාසිදායක අයෙකු විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි.

මාන්කුලම් ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකදී ඔහු මේ බව කියා සිටියා.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“මෙම ඡන්දයෙන් කෙනෙකු දිනන්න නම් 50% කට වඩා ප්‍රතිශතයක් ලබාගත යුතුයි. ඒ විදිහට තෝරාගන්න කෙනා අපිට වාසිදායක කෙනෙක් වියයුතුයි. එල්.ටී.ටී.ඊ සංවිධානය ඉල්ලා සිටියේ ඔවුන්ගේ අයිතිය. දෙමළ ජනතාව ඉල්ලන්නෙත් අපිට අයිති අපේ අයිතිය.

අපේ අයිතිය අපිට හිඟාකාලා ඉල්ලගන්න ඕනේ නෑ. අපේ අයිතිය අපිට ඉල්ල ගන්න ඕනේ බොහොම ආචාරශීලී විදිහට. මෙන්න මේ නිසයි අපි අපේ අයිතිය ගන්න ඕනේ.

එම අවස්ථාවට එක්වු දෙමළ ජාතික සන්ධාන පා.ම. එම්. ඒ සුමන්තිරන් මහතා පල කළේ මෙවන් අදහසකි.

“යුද්ධය පැවති සමයේ මොකද වුණේ කියලා ඔබ දන්නවනේ, ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත්කිරීමට නම් අපි කැමති වුණත් නැතත් හංසයා ලකුණින් තරග වදින කෙනාට අපේ ඡන්දය පාවිච්චි කළ යුතුයි.

එහෙම නැති වුණොත් ගෝඨාභය රාජපක්ෂ දිනන එක වළක්වන්න කාටවත් බෑ. හංසයාගෙන් ඡන්දයට ඉල්ලන කෙනා පොරොන්දු හරි දෙනවා. නමුත් අනිත් කෙනාට අපි වෙනුවෙන් පොරොන්දුවක්වත් දෙන්න හිතක් නෑ.”

(Lanka Leads)