Wednesday, July 09, 2025
Follow Us
ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසියි – අලි සබ්රි යළි තහවුරු කරයි

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරගෙන ඇතැයි ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

අද දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ඊට අදාළ ලිපි ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සදහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු බවට පළවන වාර්තා අසත්‍යයි බවයි.

එසේම තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියෙක් බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම ඒ බව තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට දින 3 ක් තුළ තහවුරු කළ යුතු බව පවසමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක් ආරම්භ කර තිබේ.

එහිදී පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් පැවූවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තමාගේ කිසිදු පෞද්ගලික අමනාපයක් නොමැති බවත් මෙය සම්පූර්ණ නීති විරෝධි ක්‍රියාවක් බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මාධ්‍ය සාකච්ඡාව පහතින්.

(Lanka Leads)