ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක A.S.P. ලියනගේ ප්‍රතිපත්ති ප්‍රකශයනය එළිදැක්වීය. කටාර් හි හිටපු තානාපති මහාචාර්ය W.M.කරුණාදාස මහතාට ප්‍රථමයෙන් එය පිළිගන්වනු ලැබීය.
මෙම අවස්ථාවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ජනාධිපති අපේක්ෂක A.S.P. ලියනගේ මහතා සඳහන් කළේ තමන් තුන්වෙනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අතර මෙවර සිය අපේක්ෂාව වනුයේ ජන්ද ලක්ෂයක් ලබා ගැනීම බවයි.
පසුගිය අවස්ථා දෙකේදීම කොළඹ දිස්ත්‍රික්කයෙන් තුන්වෙනි තැනට මනාප ලබා ගැනීමට හැකි වූ බව කියා සිටි ලියනගේ මහතා පැවසුවේ ලබන මාර්තුවේ පැවත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයටද ශ්‍රී ලංකා කම්කරු පක්ෂය තරඟ කරන බවයි.
මේ දක්වා තමන්ට කිසිදු දූෂණ චෝදනාවක් නොමැති අතර මෙවර ජනාධිපතිවරණයේදී තෝරාගැනීමට සුදුසුම තැනැත්තා තමන් බවද හෙතෙම පැවසුවේය.
මූලික වශයෙන් රට ගොඩනැගීමට විනයක් පැවතිය යුතු අතර ඒ සමඟම ණය බරින් රට මුදාගත යුතු බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
(LNW)