Wednesday, February 18, 2026
Follow Us
ගෝඨාභය සහ සජිත්ගෙන් නබි උත්සවය වෙනුවෙන් මුස්ලිම් ජනතාවට සුභ පැතුම්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

රටේ සියලු ජනකොටස් සමග සහෝදරත්වයෙන් එක්ව බැඳී සිටින මුස්ලිම් ජනතාව වෙනුවෙන් සුභ නබි උත්සවයක් ප‍්‍රාර්ථනා කරන බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ද මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉස්ලාම් ධර්මය ලොව පුරා පැතිර යාමට නබි නායකතුමන් ගත් පියවර හේතුවී ඇති බවයි.

(Neth)