Wednesday, July 09, 2025
Follow Us
ගෝඨාභයගෙන් සහන පැකේජයක්

නිවාස නැති ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීම මෙන්ම සහන පැකේජයක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තම රජයක් යටතේ දේශීය ගොවියා සහ දේශිය වැවිලිකරුවා ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ,ඊයේ (09) නුවරඑළියේ පැවැති ජන හමුවකදීයි.

සාර්ථක දැක්මක් වඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වන ජනරැලි මාලාවේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ජනරැලිය අද නුවරඑළිය නගර මධ්‍යයේදී පැවැත් විය.

ඒ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර වැල්ලාවයේ පැවැත්වෙන ජනරැලියට සහභාගීවීම ස‍ඳහා ගුවන් මගින් වැල්ලවායේ කුමාරදාස මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා එහි පැමිණ රැස්ව සිටි පිරිස සමග සුහද පිළිසඳරක නිරත විය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන තවත් ජනරැලියක් අද පස්වරුවේ වැල්ලවාය ප්‍රධාන බස්නැවතුම්පලේදී පැවැත් විය.

එම රැලියද පැවැත්වුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර වැල්ලවායේ පැවැති ජනරැලියෙන් නිමවා වැල්ලවායේ කුමාරදාස මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයට පැමිණි පිරිස සමග ඔහු ඡායාරූප කිහිපයකට එක් විය.

(Lanka leads)