Wednesday, July 09, 2025
Follow Us
රණවිරු සටන පාවා දීමට සජිත් – රාජිත ලබාදුන් අල්ලස් හෙළිවෙයි

ආබාධිත රණවිරුවන්ගේ සටන පාවා දීම සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ සේනාරත්න මහත්වරුන් තමන්ට රුපියල් කෝටි 10ක මුදලක් නිවාස ඇතුළු විවිධ වරප්‍රසාද ලබාදීමට සාකච්ඡා කළ බව ආබාධිත රණවිරුවෙකු හෙළිදරව්වක් කළේය.

එම ආබාධිත රණවිරුවා පසුගියදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උපවාසයට එක් වූවෙකු වන අතර ඉන්පසුව සජිත් ප්‍රේමදාස රාජිත සේනාරත්න යන මහත්වරුන් තමන් හමුවී ඔවුන්ට අවශ්‍ය දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක වීම සඳහා විවිධ වරප්‍රසාද ලබා දෙන බව ප්‍රකාශ කළ බවද මෙම ආබාධිත රණවිරුවා හෙළිදරව් කළේය.

රණවිරුවන් සමස්තය වෙනුවෙන් යුතුකම් ඉටු නොකොට ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටීමට තමාට නොහැකි නිසා ඔවුන්ට සහාය දීමෙන් වැළකී ඔවුන්ගෙන් ඉවත් වී පැමිණි බවත් ඔවුන් තුළ තිබෙන තවත් මේ ආකාරයේ සිද්ධීන් ගැන හෙට අනිද්දා තවත් හෙළිදරව් කිරීම් කිහිපයක් සිදු කරන බවද මෙම ආබාධිත රණවිරුවා හෙළි කළේය.

(Lanka Leads)