Wednesday, July 09, 2025
Follow Us
සජිත් රනිල් එකඟතාවක – දිගටම අගමැති රනිල්

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අර්බුදයක් මවා පෑමට ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග ඇති කර ගත් එකඟත්වයක් මත බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස කරන ප්‍රකාශවලට පරස්පර වූ ප්‍රකාශ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේද එම එකඟතාව මත වෙයි.

තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි පුද්ගලයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ ඡන්ද සජිත් ප්‍රේමදාසට ලබා ගැනීමේ අරමුණින් මෙලෙස අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය කර ඇත. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වුවහොත් මහ මැතිවරණය වන තෙක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීමට ඉඩ ලබා දීමට සජිත් ප්‍රේමදාස එකඟ වී ඇත. මහ මැතිවරණයෙන් පසු තමන්ට කැමැති අග්‍රාමාත්‍යවරයා පත් කර ගැනීමට සජිත් ප්‍රේමදාස තීරණය කර ඇත.

එක්සත් ජතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වුවහොත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහට කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි. පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට වික්‍රමසිංහ කටයුතු කර ඇති බව මහලේකම්වරයා සඳහන් කරයි.

(Aruna)