Wednesday, July 09, 2025
Follow Us
සජිත්ගේ ආණ්ඩුවක අගමැති චම්පික… එජාප සාමාජිකත්වය ගන්න සූදානම්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණයෙන් අනතුරුව ඊළඟ මහමැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරණු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්කර ගන්නා නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස චම්පික රණවක මහතා පත් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ අනුව දැනට එක්සත් ජාතික පක්ෂයෙහි සාමාජිකයකු නොවන චම්පික රණවක මහතා ජනාධිපතිවරණයෙන් පසු එජාප සාමාජිකත්වය ලබාගනු ඇති.

තමන් ජනාධිපති ධුරයට පත්වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනාගත හැකි පුද්ගලයකු නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන බව සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ පවසා සිටියේය.

(Lanka Leads)