Wednesday, July 09, 2025
Follow Us
සහරාන්ගේ බිරිඳ යොදවා ගෝඨාභයට ගහන්න යන මඩක් ගැන අනාවරණයක්

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට 60%කට වඩා ඉහල ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඒ බැව් කියා සිටියේ ඊයේ නාවලපිටිය මහින්දානන්ද පදනම් ආයතනයේ පවැති මාධ්‍යය හමුවකදිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා

"සමික්ෂණ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 60‍%කට වඩා ඉහල ප්‍රතිශතයක ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බරපතල පරාජයකට පත් වෙමින් සිටිනවා.

ඒ නිසා, එක්සත් ජාතික පක්ෂය ගෝඨාභය මහතා ඉලක්ක කර මඩ ප්‍රහාරයන් සිදු කිරිමට මුදල් වැය කරමින් සිටිනවා. එජාපය පාස්කු ඉරිදා ප්‍රහාරයට මුල් වුනු ත්‍රස්ත නායක සහරාන්ගේ බිරිදගෙන් විශේෂ ප්‍රකාශයක් කරලා විඩියෝවක් හදලා 13 වෙනිදා රැට දාන්න සැලසුම් කරලා තියෙනවා. ඒකෙන් කියන්න උත්සහ කරනවා සහරාන් ගෝඨාභය රාජපක්ෂ මහතා, මහින්ද රාජපක්ෂ මහතා සමග සම්බන්ධතා තිබුණා කියලා." යනුවෙන්ද පැවසූවා.

(Neth)