Wednesday, April 01, 2026
Follow Us
පළාත් සභා ඡන්දය පවත්වන ලෙස රජයට බලපෑම් කරන්නැයි දෙමළ පක්‍ෂවලින් ඉන්දීය මහකොමසාරිස්ට ඉල්ලීම්

පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි රජයට බලපෑම් කරන ලෙසට මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේගෙන් ඉල්ලීමක් කළ බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

මෙරට දෙමළ දේශපාලන පක්‍ෂ නායකයින් පිරිසක් ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවී එලෙස ඉල්ලීම් කළ බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මේ බව සදහන් කළා.

මෙරට ජනතාව වෙනුවෙන් තවදුරටත් උපකාර කරන ලෙසත් එලෙස ලබාදෙන ආධාර සාමාන්‍ය ජනතාව වෙත ලබාදෙන්නේ දැයි සොයා බලන ලෙසත් ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් වැඩිදුරටත් සදහන් කළේ.

Neth