Tuesday, February 03, 2026
Follow Us
ජොන්ස්ටන් ප්‍රනාන්දු නව ඇපයක් මත මුදා හැරේ

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය


පසුගිය මැයි 09 වැනිදා අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු නව ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (22) නියෝග කළේය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ හිටපු අමාත්‍යවරයා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උදේ 9.00 ත් දහවල් 12 ත් අතර වාර්තා කිරීමට ද මහේස්ත්‍රාතත්වරයා නියෝග කළේය.

සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, මෙම මස 24 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.මෙම නඩුව කැඳවනු ලැබුවේ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේදීයි.

Aruna