Tuesday, February 03, 2026
Follow Us
ධම්මික පෙරේරාගේ නම ගැසට් කෙරේ

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා නම්කරනු ලැබුවා

මේ අතර ධම්මික පෙරේරා ඔහුට අයත් සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ද ඉල්ලා අස්වී තිබෙනවා.

Neth