Tuesday, February 03, 2026
Follow Us
බැසිල් ඉල්ලා අස්වීම භාරදෙයි

පාර්ලිමේන්තුවෙන් ගියත් දේශපාලනයේ දිගටම සිටින බව කියයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරු භාරදී තිබේ.

ඔහු මේ පිළිබදව මීට සුළු මොහොතකට පෙර දැනුම්දුන්නේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුවද, සිය දේශපාලන කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි.

Aruna