Wednesday, February 04, 2026
Follow Us
ඉවත් කිරීමට පෙර ගෞරවාන්විතව ඉවත් වන්නැයි ස්වාධීන වූ කණ්ඩායමෙන් අගමැතිට දැනුම්දීමක්

2015 වසරේ ජනාධිපතිධූරයෙන් ගෞරවාන්විත ලෙස ඉවත් වූවා සේ වර්තමාන අග්‍රාමාත්‍යධූරයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා ඉවත් විය යුතු බව ඉකුත් දා පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපති කළද අග්‍රමාත්‍යවරයා වන්නේ තමා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා.

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් විශ්වාසභංගයක් හරහා ඔහු ඉවත් කිරීමට එල්ල වන මහජන විරෝධය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද සිදුවනු ඇති බවයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පැවසුවේ.

රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩගැනීමට සිදුකළ යුත්තේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් වී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර වැඩිදුරත් සඳහන් කළේ.

(Neth)