Wednesday, February 04, 2026
Follow Us
මන්ත්‍රීවරු තිදෙනෙකු හදිසියේ ගත් තීරණය

ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරු තිදෙනෙකුගේ සහාය අහිමිවෙයි


තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් මින් ඉදිරියට ආණ්ඩුවට සහාය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ.

ඉෂාක් රහුමාන්, එම්. එස්. තවුෆික් සහ ෆයිසාල් කාසිම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම තීරණය ගෙන ඇත.

ඔවුන් තිදෙනා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්ව පසුව ආණ්ඩු පක්ෂයට සහාය දැක්වූ මන්ත්‍රීවරුන්ය.

(Aruna)