Wednesday, February 04, 2026
Follow Us
රටේ භයානක තත්ත්වයක්

රඹුක්කන මියගිය පුද්ගලයා ගැන රනිල් කිව්ව කතාව


රටේ භයානක තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ යැයිද මෙය අනෙක් ප්‍රදේශ වලටත් පැතිරෙන්නට හැකි බැවින් එය වළක්වා ගැනීමට පක්ෂ නායකයන් එක්ව සාකච්ඡා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අද (20) උදෑසන පාර්ලිමේන්තුවේ දී රඹුක්කන හට ගත් ගැටුම පිළිබඳ අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

“අපට තිබෙන විකල්ප සීමා වී තිබෙනවා.මියගිය තැනැත්තාගේ බිරියටත් මා කතා කළා . ඒ මියගිය පුද්ගලයා අපේ පක්ෂයේ සංදිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක්. ඔහු ගිනි තියන්න යන්නේ නැහැ. පක්ෂ නායකයන් කෙටි වේලාවක් මුණගැහී මේ සිද්ධි පිළිබඳව සාකච්ඡා කරමු.”

(Aruna)