Wednesday, February 04, 2026
Follow Us
අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරලා නෑ

සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පැවති සාකච්ඡාවේදී අන්තර්කාලීන ආණ්ඩුව ගැන සාකච්ඡාවක් සිදුනොවූ බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග (10) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇත

(Aruna)