Tuesday, April 07, 2026
Follow Us
සජබ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක්


ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජනබලවේගයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතයි.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියාසිටියේ එම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම්වල සහය ලබාගැනීම සඳහාද සාකච්ඡා කරන බවයි.

(Aruna)