Wednesday, February 04, 2026
Follow Us
ජනපති ගෝඨාභය සහ රනිල් අතර සාකච්ඡාවක් දැන් පාර්ලිමේන්තුවේ !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

ජනාධිපතිවරයා අද උදෑසන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ විනාඩි කිහිපයකින් එයින් පිටව ගිය අතර වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාව අරඹා ඇත්තේ එයින් අනතුරුව බව සඳහන්.

(LNW)