Wednesday, February 04, 2026
Follow Us
ඉදිරි දේශපාලන සැලසුම ගැන සජබය කතා කරයි

පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර තීරණය කරන බව සමගි ජනබලවේගය පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනාධිපතිවරයා ඉවත් නොවන්නේ නම් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ ද යන්න සෙසු පක්ෂවල එකගතාව මත සිදුකරන බවයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ ද යන්න සිය පක්ෂය මෙතෙක් ස්ථිරව තීරණය කර නොමැති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)