Thursday, February 05, 2026
Follow Us
ජනපතිගේ ඉල්ලීමක් ශ්‍රීලනිපය ප්‍රතික්ෂේප කරයි

යළි කැබනට් අමාත්‍ය ධූර භාර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කළ බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට සිය පක්ෂය ගත් තීරණය වෙනස් කළ නොහැකි බව ඊයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා වෙත දැනුම්දුන් බවයි හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

(Neth)