Thursday, February 05, 2026
Follow Us
මෙරට සියලුම කර්මාන්තශාලා වැසියාමේ අවදානමක

රනිල් අනාවැකියක් කියයි


ලබන ජුනි මාසය වන විට මෙරට සියලුම කර්මාන්තශාලා වැසියාමේ අවදානමක් ඇති බව එ.ජා.ප. නායක රනිල් වික්‍රසිංහ පවසයි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය උදා වන බව ඔහු පෙන්වා දෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සකස් කළ වාර්තාව කියවීමේදී මෙරට පවතින ආර්ථික අර්බුදයේ තරම වටහා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (06 වැනිදා) පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඉන්දීය ණය සහනය මත ගෙන්වන ඉන්ධන මැයි මාසය වන විට අවසන් වන බවද ඖෂධ හා ආහාර ගෙන්වීම සඳහා ලබාදී ඇති ණය සහනය ජුනි මාසය වන විට අවසන් වන බවද ඔහු පෙන්වා ​ දුන්නේය.

මේ පිළිබඳ තමන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද දැනුවත් කළ බවද රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.

(Aruna)