Thursday, February 05, 2026
Follow Us
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක් ?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝවිට ඉඩ ඇතිබව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා. අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසලට පැමිණි හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතයි. මෙම තීරණය ගෙන ඇත්තේ අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

මේ අතර කොළඹට ඇද හැලෙන වැසි නොතකා අදත් විරෝධතා පැවැත්වෙනවා.

(Neth)