Thursday, February 05, 2026
Follow Us
දැඩි ආරක්ෂක රැකවල් මැද පාර්ලිමේන්තුව රැස් වේ

කතානායක ආරක්ෂක ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක්


පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව තර කිරීමට කතා නායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කොට ඇත.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් (04) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙසේ විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

මේ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේත් ඒ අවට ප්‍රදේශවලත් පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේත් ආරක්ෂාව තර කෙරෙණු ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (5) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතය.

(Aruna)